සෞරග්‍රහ මණ්ඩලයේ පරිමාණය
සෞරග් රහ මණ්ඩලයේ මෙවන් පින්තූර ඔබ කොතෙකුත් දැක ඇතුවාට සැක නැත. නමුත් සැබැවින්ම මෙවන් පින්තූර තරමක් නොමග යවන සුළුයි. මන්ද යත් ග් රහලෝක වල ප් රමාණය විනා ඒවායේ අතර පරතරයන් පිලිබඳ දල අදහසක්වත් මෙවන් පින්තූරයකින් ගත නොහැකි නිසාය. පෘථිවියේ විශ්කම්භය දල වශයෙන් කිලෝමීටර් 12742 ක් වේ. හිරුගේ විෂ්කම්භය ආසන්නව මිලියන් 1.39ක් හෙවත් ලක්ෂ 14ක් පමණ වේ. ඒ අනුව අපගේ සූර් යයා පෘථිවිය මෙන් සිය ගුණයකටත් වඩා විශාලය. සෞරග් රහ මණ්ඩලයේ විශාලතම ග් රහලෝකය වන බ් රහස්පතිගේ විශ්කම්භය කිලෝමීටර් 139820 කි. එය අපේ පෘථිවිය මෙන් දහ ගුණයකටත් වඩා විශාලය. ග් රහලෝක අතර දුරෙහි වෙනස මෙයටත් වඩා වැඩිය. සූර් යයාගේ සිට පෘථිවියට ඇතිදුර කිලෝමීටර් මිලියන 150ක් (කෝටි 15ක්) පමණ වේ. අපට ආසන්නම ග් රහලොව සිකුරුය. එය කිලෝමීටර් මිලියන 40ක් පමණ දුරකින්ද අඟහරු මිලියන 96ක් පමණ දුරකින්ද පිහිටා ඇත. බ් රහස්පති පිහිටා ඇත්තේ කිලෝමීටර් මිලියන 600 (කෝටි 60) කිනි. සෞරග් රහ මණඩලයේ ඉතා දුරින් ඇති නෙප්චුන් අපට කිලෝමීටර මිලියන 4325 (කෝටි 432) ක් දුරින් ඇත. සැබැවින්ම ග් රහලෝක හිරුවටා වලයාකාර පථවල ගමන්ගන්නා බැවින් මේ අගයන් සාමාන්...