සෞරග්‍රහ මණ්ඩලයේ පරිමාණය


සෞරග්
රහ මණ්ඩලයේ මෙවන් පින්තූර ඔබ කොතෙකුත් දැක ඇතුවාට සැක නැත. නමුත් සැබැවින්ම මෙවන් පින්තූර තරමක් නොමග යවන සුළුයි. මන්ද යත් ග්රහලෝක වල ප්රමාණය විනා ඒවායේ අතර පරතරයන් පිලිබඳ දල අදහසක්වත් මෙවන් පින්තූරයකින් ගත නොහැකි නිසාය.


පෘථිවියේ විශ්කම්භය දල වශයෙන් කිලෝමීටර් 12742 ක් වේ. හිරුගේ විෂ්කම්භය ආසන්නව මිලියන් 1.39ක් හෙවත් ලක්ෂ 14ක් පමණ වේ. ඒ අනුව අපගේ සූර්යයා පෘථිවිය මෙන් සිය ගුණයකටත් වඩා විශාලය. සෞරග්රහ මණ්ඩලයේ විශාලතම ග්රහලෝකය වන බ්රහස්පතිගේ විශ්කම්භය කිලෝමීටර් 139820 කි. එය අපේ පෘථිවිය මෙන් දහ ගුණයකටත් වඩා විශාලය.

ග්රහලෝක අතර දුරෙහි වෙනස මෙයටත් වඩා වැඩිය. සූර්යයාගේ සිට පෘථිවියට ඇතිදුර කිලෝමීටර් මිලියන 150ක් (කෝටි 15ක්) පමණ වේ. අපට ආසන්නම ග්රහලොව සිකුරුය. එය කිලෝමීටර් මිලියන 40ක් පමණ දුරකින්ද අඟහරු මිලියන 96ක් පමණ දුරකින්ද පිහිටා ඇත. බ්රහස්පති පිහිටා ඇත්තේ කිලෝමීටර් මිලියන 600 (කෝටි 60) කිනි. සෞරග්රහ මණඩලයේ ඉතා දුරින් ඇති නෙප්චුන් අපට කිලෝමීටර මිලියන 4325 (කෝටි 432) ක් දුරින් ඇත.
සැබැවින්ම ග්රහලෝක හිරුවටා වලයාකාර පථවල ගමන්ගන්නා බැවින් මේ අගයන් සාමාන්ය (average) අගයන් ය.
මේ දුරවල් ඉතා විශාලය. සැබැවින්ම අප හට සිතාගැනීමටත් තරමක් අපහසුය. මේ සංඛ්යා පිළිබඳ සිතාබැලීමේදි පහත ආකරයේ උදාහරණයක් සිහියට නැගුණි.

කොළඹ නගරයේ නෙළුම් කුළුණ ඔබ දැක ඇතුවාට සැක නැත. මඳකට සූර්යයා නෙළුම් කුළුණේ පොහොට්ටුවට සමාන කරමු. අප දැන් කිලෝමීටර් ලක්ෂ 14 කට සමාන සූර්යයා මීටර් 25ක පමණ ප්රමාණයට කුඩා කර ඇත.
එසේනම් ප්රමාණය හා දුර නෙලුම් කුලුණේ තැබූ හිරු හා සසඳා බලන කල්හි,

1. බුධ ග්රහයා - නවලෝක රෝහල ඉදිරිපිට පාරේ තබා ඇති ගොල්ෆ් බෝලයක් තරම් වේ.

2. සිකුරු ග්රහයා - කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා හි ඉදිරිපිට තබා ඇති පාපන්දුවක් තරම් වේ.

3. පෘථිවිය - බම්බලපිටිය මැජෙස්ටික් ප්ලාසා හි ඉදිරිපිට තබා ඇති වොලිබෝලයක් තරම් වේ.

4. අඟහරු ග්රහයා - වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලව ඉදිරිපිට තබා ඇති ටෙනිස් බෝලයක් තරම් වේ.

5. බ්රහස්පති ග්රහයා - ගල්කිස්ස කලර් ලයිට් අසල නවතා ඇති KDH වෑන් රථයක ප්රමාණය වේ.

6. සෙනසුරු ග්රහයා - මොරටුව දුම්රිය නැවතුම ඉදිරිපිට නවතා ඇති Alto කාර් රථයක් තරම් වේ.

7. යුරේනස් ග්රහයා - කළුතර බෝධිය ඉදිරිපිට නවතා ඇති පල්සර් මෝටර් බයිසිකලයක් තරම්ද,

8. නෙප්චූන් ග්රහයා අහුංගල්ල වෙරළ ඉදිරිපිට නවතා ඇති ස්කූටියක් තරම්ද වේ.

මෙයින් අභ්යවකාශයේ විශාලත්වය කෙතරම්දැයි දළ අදහසක් ඔබට එන්නට ඇතැයි සිතමි. ඈත ඇති තරු වලට ඇති දුර මැනීමේදී ආලෝකවර්ෂ භාවිතා කරන්නේ එබැවිනි.

සූර්ය ග්රහ මණඩලයේ චිත්රයක් ඇඳීමේදී මෙසේ ග්රහලෝක අතර දුර නොසලකා ඇඳීම හැර වෙනත් ක්රමයක් සිතාගැනීමට මටත් අපහසුය.

අමිල විමලරත්න
2021-10-05

Comments

Popular posts from this blog