ගේ ඉස්සරහ පාරෙ ලයිට් කණුවෙ ලොකු සෝඩියම් ලයිට් එකක් පත්තු වෙනවා. කරුවලේ ආපු කණාමැදිරියෙක් එලියත් පත්තු කරන් ටික ටික ලයිට් එකට ළං වෙනවා. සෝඩියම් ලයිට් එකේ එළියට කණාමැදිරියාගෙ එළිය යටපත් වෙලා ගියා. ලඟටම ගිහිල්ල බැලුවෙ නැත්නම් කණාමැදිරියා පේන්නෙ නෑ. ටික ටික එතනින් ඈතට යනකොට පේන්නෙ ලයිට් එක විතරයි. ඈතට ඈතට යන්ඩ ඒකත් තිතක් වගේ පේන්ඩ ගන්නවා.
පොළවෙ ඉඳන් අපි ඈත තියෙන තාරකා දිහා බැලුවත් ඕක ඔහොමමයි. පොළවට ලඟම තාරකාව ප්රොක්සිමා සෙන්චූරි තියෙන්නෙ ආලෝක වර්ෂ 4.25ක් විතර දුරින්. ඊගාවට ලඟම තරු දෙක්ක බයිනරි සිස්ටම් එකක්. ඒ අපි කවුරුත් දන්න ඇල්පා සෙන්චුරි A සහ B. ඒවා තියෙන්නෙ ආලෝක වර්ෂ 4.35ක් වගේ ඈතින්. අහසෙ පේන දීප්තිමත්ම තරුව සිරියස් තියෙන්නෙ ආලෝක වර්ෂ 8.6ක් ඈතින්.
අපේ ඉර වටේ තියෙන ග්රහලෝක වගේම අනිත් තාරකා වටේටත් ග්රහලෝක ඇති කියල කට්ටිය කිව්වෙ එක්දාස් හයසිය ගනං වල ඉඳන්ම වගේ. ටික ටික විද්යාව දියුණු වෙලා ඔබ්සර්වින් මෙතඩ් ඉම්පෘව් වෙලා ඇඩ්වාන්ස්ඩ් ඔප්ටික්ස් පාවිච්චි වුණාට අර කලින් කියපු හේතුව නිසා ඔය කියන ඈත තරු වටේ යන ග්රහලෝක අපිට කෙලින්ම ඩිරෙක්ට්ලි ඔබ්සර්ව් කරන්ඩ බෑ. ඒක නිසා ඔය කියන එක්සො ප්ලැනට් තියෙනව කියල ඔප්පු කරන්ඩ සෑහෙන කල් ගියා. අනූ ගනන් වල මුල වගේ තමා පළවෙනියටම ඔය වගේ එක්සො ප්ලැනට් එකක් ඩිටෙක්ට් කරේ. ඒකත් ඉන්ඩිරෙක්ට්ලි. ඒත් අවුරුදු ගානක් ඕකෙම එපා වෙන්නැතුව දිගටම එල්ලිලා හිටිය සෙට් එකක් නිසා.
අපි පොඩ් කාලෙම ඉගෙන ගන්නවා ග්රහලෝක ඉර වටේ යනව කියල. ඒවුණාට ඇත්තම සීන් එක ඕකම නෙවේ. ඉර ඇතුලු මුළු සූර්ය ග්රහ මණ්ඩලේම කැරකෙන්නෙ ඕකෙ ස්කන්ධ කේන්ද්රය වටේ. සූර්ය ග්රහ මණ්ඩලේ ස්කන්ධයෙන් වැඩි ප්රමාණයක් සූර්යයාගෙ නිසා ඔය ස්කන්ධ කේන්ද්රයත් ඉරේ පිහිටීමට ඉතා ආසන්නයි. ඒක නිසා ඉතින් එහෙම කියන එකේ වැරැද්දකුත් නෑ හැබැයි.
ඔහොම බ්රහස්පති වගේ විශාල ග්රහලෝකයක් තියෙන සෝලාර් සිස්ටම් එක්ක ඒ වටේ බ්රහස්පති යනකොට ඒ නිසා එන ග්රැවිටේෂනල් ටග් එකට ඒ තාරකාවත් ටිකක් එහෙමෙහෙ වෙනවා. එලියෙන් අඩු ග්රහලෝකෙ නොපෙණුනාට ඔය තරුවෙ එහෙමෙහෙ වෙන වොබල් එක බලන්ඩ පුලුවන්. එහෙම වොබල් වෙන තරු බලල ඒ වටේ විශාල ග්රහලෝක පවතිනවද කියල බලන ප්රොජෙක්ට් එකක් අසූ ගණන්වල පටන් ගත්තා. බ්රහස්පති විශාල ග්රහලෝකයක් වුණාට ඒක ඉර වටේ යන්ඩ අවුරුදු 12ක් විතර යනවා. ඒ නිසා බ්රහස්පති නිසා අපේ ඉරට වෙන වොබල් එක ඔබ්සර්ව් කරන්ඩ හෙන අමාරුයි. ඒ නිසාම ඔය වගේ එක්සො ප්ලැනට් හොයන ඔය ප්රොජෙක්ට් එකේ ටාගට් එක වුණේ ඉරට ගොඩක් ආසන්න අති විශාල දවස් ගානක වගේ කෙටි ඕබිටර් ඉන්ටවල් එකක් තියෙන තාරකා හොයන්ඩ. මොකද ප්ලැනටරි ඩයිනමික්ස් වලට අනුව ඉරට ආසන්න වෙන්ඩ වෙන්ඩ ඕබිටල් පීරියඩ් එක් අඩු වෙනවනෙ. ඒව හොයන්ඩ ලේසියි කෙටි කාලයක් ඔබසර්ව් කරල අල්ලන්ඩ පුලුවන් නිසා. මේ ක්රමේට කිව්වෙ රේඩියල් වෙලෝසිටි කියලා. සිංහලෙන් කිව්වොත් ඩොප්ලර් මෙතඩ් .
කොහොම හරි හෙනම ගේමක් දීලා අවුරුදු ගානක් ලොස්කරගත්ත ඩේටා නවත නැවත බලලා යුරෝප් වල සෙට් එකක උදව්ත් ඇතුව ඇමෙරිකන් ටීම් එකක් 1992දි කන්යා තාරකා රාශියෙ PSR B1 257+12 කියන නියුට්රෝන තාරකාවෙ එහෙම නැතුව සිංහලෙන් කිව්වොත් ප්ලසාර් එකේ ඔහොම ෆ්රීකුවෙන්ට් වොබල් එකක් හොයාගත්තා. ඒක තමා පළවෙනි එක්සො ප්ලැනට් එක අපි ඉන්ඩිරෙක්ට්ලි බලපු. පල්සාර් එකක් කියන්නෙ මළ තරුවක්. එහෙම නොවෙන අපේ ඉර වගේ මේන් සීක්වන්ස් එකේ හයිඩ්රජන් පුච්චන තරුවක් වටේ යන එක්සො ප්ලැනට් එකක් හොයාගත්තෙ අනූපහේදි 51 පෙගසායි කියන තරුව වටේ. දෙදාස් ගණන් වෙද්දි ඔය ක්රමේට එක්සො ප්ලැනට් පන්සීයක් විතර ඉන්ඩිරෙක්ට්ලි ඔබ්සර්ව් කලා. 2002දි විතර චිලී වල කඳු මුදුනෙ තියෙන ලොකු ටෙලස්කෝප් එකෙන් හරියට නිකන් අපේ පොලව ඉරෙන් තියෙන දුරට වගේ ආසන්න හැබිටබල් සෝන් එකේ ග්රහලෝකයක් හොයාගත්තා HD 28185 b කියලා.
ඕව ගැන අහද්දි ගොඩක් අය අහන එකක් තමා ඉතින් ඕව හොයාගත්තාම මොකද කියන එක. ඔය ඔබ්සර්වේෂන් වල ප්රදාන ටාගට් එකක් තමා පොළව වගේ ගතිලක්ෂණ තියන ග්රහලෝක හොයාගන්න එක. ඒකම ටාගට් කරන් කරපු වෙන ක්රමයක් දෙදාස් ගණන් වල ඩිවෙලොප් වුනා. ඒ ග්රහලෝකයක් ඒක අයිති තරුව වටේ යද්දි ග්රහලෝකෙ ඒ තාරකාව ඉස්සරහින් යනකොට ඒ තාරකාවේ ආලොක ප්රමාණය අඩු වෙන එක මැනල ඒකෙන් ග්රහලෝක ඩිටෙක්ට් කරන ට්රාන්සිට් මෙතඩ් එක. 2003 දි ලෝන්ච් කරපු ස්පිට්සර් ස්පේස් ටෙලස්කෝප් එක ඉන්ෆ්රාරෙඩ් ටෙලස්කෝප් එකක් විදියට මුලදි යූස් වුණත් පස්සෙ ප්ලැනට් හන්ටර් ගැජට් එකක් විදියට තමා වැඩිපුර පාවිච්චියට ගත්තෙ. ඒකෙදි යොදාගත්තෙ මම අර කලින් කිව්ව ට්රාන්සිට් මෙතඩ් එක. එක්සො ප්ලැනට් එක්කින් කෙලින්ම එන පළවෙනි ඉන්ෆ්රාරෙඩ් ආලෝකය වගේම පළවෙනි වතාවට එක්සො ප්ලැනට් එක්ක සර්ෆේස් ප්රොපටීස් මැප් කරන්ඩ ගත්තෙ මේ ස්පිට්සර් ඩේටා.
2009 දි කෙප්ලර් ටෙලස්කෝප් එක ලෝන්ච් කරා. කෙප්ලර් පුරා අවුරුදු හතරක් තිස්සෙ අහසෙ ඉතාම කුඩා ප්රදේශයක් දිහා ඇස්පිල්ලම් නොගහා බලන් ඉන්ඩ ඩිසයින් කරපු එකක්. ඒ ප්රමාණෙ කොච්චර පොඩිද කියනවනම් මුළු අහසෙ ප්රමාණෙන් 0.25%ටත් අඩු ප්රමාණයක්. ඒ කියන්නෙ මුළු අහසම කවර් කරනවනම් කෙප්ලර් ටෙලස්කෝප් 400ක් වත් ඕනෙ. සිග්නිස් තරු රටාව තියෙන පැත්ත තමා පොර ඇසිපිය නොගහ අවුරුදු හතරක් තිස්සෙ බැලුවෙ. මේ ප්රදේශය පුරාවට තරු 150,000 ක් විතර දිහා අවුරුදු හතරක් තිස්සෙ බලන් ඉඳලා ඒවට අයත් එක්සො ප්ලැනට් දෙදාහකට වඩා වැඩිගානකුත් කෙප්ලර් හොයාගත්තා කලින් කිව්ව ට්රාන්සිෂන් ක්රමේට. කෙප්ලර් ගොයාගත්ත මේ සෙට් එකෙන් 40%ක් විතර පොළව ප්රමාණෙ පාෂාණ වලින් හැදිච්චා.. ග්රහලෝක හොයාගන්ඩ විතරක් නෙවේ ඒව හැදිල තියන සංයුතිය, වායුගෝලයක් තියෙනව නම් ඒකෙ විස්තර දැනගන්ඩ වර්ණාවලීක්ෂ රීඩින් ගන්න ෆැසිලිටි එහෙමත් කෙප්ලර් සතු වුණා. 2018දි නාසා කෙප්ලර් රිටයර් කරද්දි එක්සො ප්ලැනට් 2662ක් හොයාගන්ඩ කෙප්ලර්ට පුලුවන් වුනා.
ඔය වර්ණාවලීක්ෂ ඇසුරෙන් වායුගෝල දත්ත ගන්න සීන් එක ගැන මම ජේම්ස් වෙබ්ගෙ පලවෙනි පින්තූර සෙට් එකේ තිබ්බ එකක් ගැන විස්තරයක් කිව්වා. උනන්දුනම් කියවන්ඩ. ඒක සිරා.
කොහොම වුණත් අද වෙනකොට එක්සො ප්ලැනට් 5000කට වඩා හොයාගෙන තියෙනවා ප්ලැනටරි සිස්ටම්ස් 3800ක විතර. මේවා අතරින් අඩුම ගානෙ 55ක් වත් පොලවෙ ගතිලක්ෂණ තියෙන හැබිටබල් සෝන් එකේ තියන ඒවා. ඒව ගැන ඉස්සරහට වැඩිපුර ස්ටඩි කරයි. ඒ වගේම ඉන්ඩිරෙක්ට්ලි නැතුව ඩිරෙක්ට්ලි එක්සො ප්ලැනට් ඔබ්සර්ව් කරන ක්රම මේ වෙද්දි ඩිවෙලොප් වෙලා තියෙනවා. ග්රහලෝකෙ අයිති තාරකාවෙ ආලෝකය බ්ලොක් කරල ඒ ග්රහලෝකෙන් එන එළිය විතරක් බලන හෙන කම්ප්ලෙක්ස් ක්රම ඒවා. ඉස්සරහට ස්පෙස් ටෙල්ස්කෝප් එහෙම ඒවා යූස් කරයි. දැනටත් ග්රවුන්ඩ් බේස් ඔබ්සර්වේටරි මේ මෙතඩ් යූස් කරනව මම හිතන්නෙ.
මේ ඔක්කොම මතක් වුනේ පාරෙ ලයිට් එක්කට යන කණාමැදිරියෙක් දැක්ක නිසා. ඒ එක්ක තව සීන් එකක් මතක් වුණා 2008දි කැම්පස් කාලෙ කියවපු. ඒ දවස් වල නෙප්චූන්ට එහා තියෙන කයිපර් බෙල්ට් එකට අයත් ට්රාන්ස් නෙප්චූනියන් ඔබ්ජෙක්ට්ස් කීපයක පාත් ඔබ්සර්ව් කරපු සයන්ටිස්ට්ල දෙන්නෙක් ඒවගේ අසාමාන්ය පාත්ස් එක්ස්ප්ලේන් කරන්ඩ කිව්වා නෙප්චුන්ටත් ප්ලූටෝටත් ඈතින් ඉතා විශාල ග්රහලෝකයක් තියෙන්ඩ ඕනෙ කියලා. පොරවල් ඕක කම්පියුටර් සිමියුලේෂන් එකක් එක්ක පබ්ලිෂ් කරේ. ඒක නම් කරේ ප්ලැනට් 9 කියලා. ඉර එළිය ඉතාම අල්ප ගොඩාක් දුරින් තියනව කියන හින්දා මෙහෙම එකක් තියෙනවද කියල ඔබ්සර්ව් කරන්ඩනම් ලොවෙත් බැරිවෙයි තිබ්බත්.
එහෙම බලද්දි ඉතින් එක අතකට පුදුමයි. ආලෝක වර්ෂ ගණන් ඈත තියෙන ග්රහලෝක වල සංයුති වායුගෝල විස්තර එහෙම දැනගන්නවා. එහෙම වුණත් අපේ සූර්ය් ග්රහ මණ්ඩලේ ග්රහලෝක ගැන ඔක්කොම විස්තර අපි තාම දන්නවද ෂුවර් නෑ. මොනා කරන්ඩද ඉතින්. ඕවගෙ හැටි ඔහොම තමා....

Comments
Post a Comment