සෝෂල් මීඩියා ගැන ගොඩක් අපවාද කිව්වට ඒකෙන් ගන්ඩ පුළුවන් ප්රයෝජන අසීමිතයි. සාමාන්යයෙන් වැඩිය නොකියවෙන කාරණා ගැන අපේ මව් භාෂාවෙන් සාකච්ඡා කිරීම ඒ අතරින් විශේෂයි. ඒ වගේ දෙයක් දැක්කොත් මමත් අනිවා කියවනවා. එහෙම පේජ් එක්ක මේ පින්තූරෙ දැකපු මිත්රයෙක් මේක මට මේක එවලා මේ මොකක්ද කියල අහල තිබ්බා. මම මේ ගැන තරමක් දන්නවා. මම දන්න විස්තරේ මගේ මිත්රයාට පැහැදිලි කළාට ඌට ඒ මෙලෝ මගුලක් නොතේරුණ බව ඌ කිව්වා. සරළ සිංහලෙන් විස්තරයක් ලියපන් කියලත් ඉල්ලුවා. ඉතින් අද පෝය නිසා සිල් අරන් ඉන්න මං කම්මැලි කමට මේ පින්තූරය ගැන මගේ සත දෙක ඉදිරිපත් කරන්ඩ හිතුවා.

මේ පින්තූරෙ නම තමා Planck Cosmic Microwave Background Radiation. මේක ගත්තෙ 2013දි ප්ලාන්ක් කියන අභ්යවකාශ දුරේක්ෂෙන්. යුරෝපීය අභ්යවකාශ ඒජන්සිය එහෙම නැත්නම් ඊසා 2009දි යවපු ප්ලාන්ක් ටෙලස්කෝප් එක කාලයක් තිස්සෙ අහසෙ අස්සක් මුල්ලක් නෑර ගත්ත මයික්රොවේව් රේඩියේෂන් මොසැයික් එකක් තමයි මේ. මේ පින්තූරෙ ඉතාම විශේෂ එකක්. හේතුව මේක තමා ආලෝකයේ අපට යාහැකි සීමාව කියන්නෙ. බොහෝ දෙනා කියන විදියට මේ විශ්වයේ මුල් ආලෝක කිරණ. එහෙම නැත්නම් ෆස්ට් ලයිට්ලු. තව විදියකට කියනව නම් බිග් බෑන්ග් එක වුනා කියල කියන්ඩ පිසිකල් එවිඩන්ස් එකක්ලු. මේ ආලෝකය කොච්චර පරණද කියනවනම් මහා බ්රහ්මයා ලෝකෙ මවල අවුරුදු 380,000 කට වගේ පස්සෙ, වෙන විදියකින් කිව්වොත් බිග්බෑන්ග් එක ඔන්න මෙන්න කියල ආපු ලයිට් වේව්ස්.
උසස් පෙළ භෞතික විද්යාවට අපි කාලය හා අවකාශය වෙනම මාන විදියට ඉගෙන ගත්තට විශ්ව පරිමාණයෙදි ඒවා එහෙම නෙවේ. කාලය හා අවකාශය එහෙම නැත්නම් දුර කියන්නෙ එකට එකක් බැඳිච්ච් වෙන්කරල ගන්ඩ අපහසු පැරාමීටර්ස්. ඒකයි ස්පේස් ටයිම් ෆැබ්රික් කියල කියන්නෙ. උදාහරණ හඳේ ඉදන් අපේ ඇස් වලට ආලෝක කිරණ පෝටෝනයක් එන්ඩ තත්පර 1.3ක් විතර යනවා. ඒ කියන්නෙ අපි දැන් හඳ බලනකොට පේන්නෙ තත්පර 1.3ක් අතීතය. දුරේක්ෂයෙන් සෙනසුරු බලනකොට පැයයි විනාඩි විස්සක්. රෑ අහසෙ අපි කවුරුත් දන්න හත්දින්නත් තරු එහෙම නැත්නම් ප්ලීඩීස් කියන්නෙ අවුරුදු 444ක් අතීතය බැලීම. ඇන්ඩ්රොමීඩා චක්රාවාටය අවුරුදු මිලියන් 2.5ක් පරණයි. ඒ කියන්නෙ පොළවෙ හෝමෝ හැබිලිස් හෝමෝ ඉරෙක්ටස් රජකරන කාලෙ. කාලෙත් එක්ක අපේ දුරේක්ෂ වල බලය වැඩිවුනා. ඒ සමග අපිට කාලය සමඟ ආපස්සට යෑමේ හැකියාව ටික ටික වැඩි වුණා. එහෙම බලද්දි තියරිටිකලි අපිට අවුරුදු බිලියන් 13.8ක් විතර දුරට බලල බිග් බෑන්ග් එකත් බලන්ඩ පුලුවන් වෙන්ඩ ඕනෙ. නමුත් මෙන්න මේකට පොඩි කොස්සක් තියෙනවා.
පළවෙනි කාරණේ තමයි මහා බ්රහ්මය බිග් බෑන්ග් එක පුපුරවපු වෙලාවෙ තිබ්බ උෂ්ණත්වය ගැන කවුරුවත් කතාකරන්නෑ. ඒක ඒතරම් වැඩී. ඒකෙන් තත්පරෙන් ඉතාම කුඩා කොටසක කාලෙකට පස්සෙ වුණත් ඒක සෙල්සියස් ට්රිලියන් 1000කටත් එහාලු. ප්රශ්ණෙ තියෙන්න ඔය වගේ අධික උෂ්ණත්වයක පදාර්ථයට පවතින්ඩ බැරි එක. පදාර්ථයට ඒ කියන්නෙ පරමාණු වලට තියා ඉලෙක්ට්රෝන ප්රෝටෝන නියුට්රෝන වලටත් මේ වගේ උෂ්ණත්වයක පවතින්ඩ බෑලු. ඕක හැදිල තිබ්බෙ ක්වාක්, ග්ලුවොන් කියන එලිමෙන්ටරි පාටිකල් වලින්ලු. ඕකට කියන්නෙ හොට් ඩෙන්ස් ස්ටේට් කියලා. මේ ස්ටේට් එකේදි පෝටෝන පාස් වෙන්ඩ බෑලු.මොකද පදාර්ථය නෑනෙ. ඒකියන්නෙ ආලෝකය එහෙම නැත්නම් තර්මල් රේඩියේෂනුත් නෑ. පස්සෙ ටික ටික ඕක සිසිල් වෙලා කෙල්වින් 3000ට වගේ අඩුවුනාම ක්වාක් ග්ලුවොන් එකතු වෙලා ඉලෙක්ට්රෝන ප්රෝටෝන නියුට්ර්රෝන ෆෝම් වෙලා පදාර්ථය පරාමණු හැදෙන්ඩ ගත්තලු. අන්න එතකොටලු තර්මල් රේඩියේෂන් විදියට පෝටෝන එස්කේප් වෙන්ඩ පලුවන් වුනේ. ඔය සීන් එක වෙන්ඩ බිග්බෑන්ග් එකේ ඉඳන් අවුරුදු 380,000ක් විතර ගියාලු. පළමු ආලෝක කිරණ නිකුත් වුනේ එතකොටලු. ඒක හින්ද තමා අපිට කවදාවත් බිග්බෑන්ග් එක බලන්ඩ කොච්චර ලොකු ටෙල්ස්කෝප් ගැහුවත් බැරි. බලන්ඩ පූලුවන් බිග්බෑන්ග් එක ඉතා ආසන්නයට විතරයි. මොලේ මඤ්ඤං කරගන්ඩ ඕන්නම් ඔය සෙල්සියස් ට්රිලියන් 1000කට විතර හීට් වුන පදාර්ථය නොවන ආලෝකය නිකුත් නොවන ඒ කියන්නෙ පේන්නෙ නැති හොට් ඩෙන්ස් ස්ටේට් එක මොන වගේ වෙන්ඩ ඇතිද කියල රූපයක් මවාගන්ඩ බලන්ඩකො.
දෙවෙනි කාරණේ තමයි ඔය නිකුත් වුණ ෆස්ට් ලයිට් වේව්ස් විශ්වයේ ප්රසාරණය හින්දා ඩොප්ලර් ආචරණයට නතු වෙලා රෙඩ් ෂිෆ්ට් වෙන එක. අවුරුදු බිලියන් 13ටත් වැඩි කාලයක් විශ්වය පුරා විහිදී ගිය මේවා කොච්චර රෙඩ් ෂිෆ්ට් වෙලාද කිව්වොත් ඕවගෙ තරංග ආයාමයන් අධෝරක්ත කිරණත් පහුකරන් මයික්රොවේව් වල ලෙවල් එකට ඇවිත් ඉන්නෙ. ඒක නිසා ඕව සාමාන්ය ටෙලස්කෝප් වලින් බලන්ඩ බෑ. ඒකයි රේඩියෝ ටෙලස්කෝප් කියල ඒව හැදුණෙ.
මම බිග් බෑන්ග් එක සම්බන්ධ පොත් තුනක් කියවල තියෙනවා. ඉස්සෙල්ලම කියෙව්වෙ මහාචාර්ය ස්ටීවන් හෝකින්ගෙ A brief history of time පොත. තව ප්රොෆෙසර් කිප් තෝර්න්ගෙ පොතක් කියවල ඉවරකරා. අර ඉන්ටර්ස්ටෙලර් ෆිල්ම් එකේ කතාව ලිව්වෙ පොර. නොබෙල් තෑග්ග හම්බුන කෙනෙක්. ළඟදි ප්රොෆෙසර් ක්රවුස්ගෙ පොතකුත් කියවල ඉවරකරා. ඒව කියවද්දි ඒ අය බිග් බෑන්ග් එක ගැන සෑහෙන විශ්වාසෙන් මත පළකරල තියෙනවා.
තිස් ගණන් වල හතලිස් ගණන් වල බිග් බෑන්ග් එක ගැන මුලින්ම මත පළකරපු වෙලේම කිව්ව එකක් තමා මේ බිග් බෑන්ග් එකේදි තර්මල් රේඩියේෂන් වේව් සිග්නේචර් එකක් විශ්වය පුරා එකාකරව විහිදී ගියපු බව සහ ඕක අල්ලගැනීම බිග් බෑන්ග් එක ගැන තියෙන හොඳම සාක්ෂියක් බව.
ඒ වුනාට ඔය කොස්මික් මයික්රොවේව් බැක්ග්රවුන්ඩ් එක ඉස්සෙල්ලම අහු වුනේ අහම්බෙන්ලු. හැට ගනන් වල ඇමෙරිකාවෙ බෙල් ලැබ් එකේ හෝන් කියන රේඩියෝ ටෙලස්කෝප් එකෙන් අපේ මන්දාකිණිය ඔබ්සර්ව් කරන්ඩ ගිය තරුණ රේඩියෝ අස්ට්රොනමර්ල දෙන්නෙක්ට අහම්බෙන්ලු ඕක ඔබ්සර්ව් වුනේ. පොරවල් ට්රයි කරල තියෙන්නෙ ක්ෂීරපථේ හයිඩ්රජන් මූලද්රව්ය පැතිරිම බලන්ඩ. මොකද විශ්වයේ බහුලම මූලද්රව්ය හයිඩ්රජන්ලුනෙ. හයිඩ්රජන් වල වර්ණාවලීක්ෂ ඇබ්සෝප්ෂන් ලයින් එක සෙන්ටිමීටර් 21යි. ඒක හින්ද මේ සෙන්ටිමීටර් 21කේ මයික්රොවේව් ඔබ්සර්ව් කරන එක තමා ඒ දෙන්න කරන්ඩ හැදුවෙ.
ඔය ට්රොනික් කරපු උන් දන්නවනෙ මයික්රොවේව් නොයිස් ගැන. මේ නොයිස් ටෙලස්කෝප් නොයිස්, ඇම්ප්ලිෆයර් නොයිස් වගේ විදියට ඉක්විප්මන්ට් එකෙනුත් ඇට්මොස්පියර් නොයිස් විදියට වායුගෝලෙනුත් එනව කියලා. ඉතින් පොරවල් ඉක්විප්මන්ට් නොයිස් අවම කරන්ඩ සෙටප් එක කැලිබ්රේෂන් කරාලු 7.35cm තරංග ආයාමෙ. ඕකෙදි ඒ දෙන්න නෝට් කරාලු අපේ ලෝකෙනුත් නොවෙන අපේ මන්දාකිණියෙනුත් නොවෙන අල්ලපු ළඟ මන්දාකිණි වලිනුත් නොවෙන 7.35cm වේව් ලෙන්ත් එකේ එකාකාර, හැම දිශාවකින්ම දවල් රෑ වෙනසක් නැතිව සීත ග්රීස්ම සෘතු වෙනසක් නැතිව එන කොන්ස්ටන්ට් සිග්නල් එකක්. මේ වැඩේ දුරදිග ගිහින් තමා ඔය කොස්මික් බැක්ග්රවුන්ඩ් මයික්රොවේව් සීන් එක එලි බැස්සෙ. ඕකට පෙන්සියැක්, විල්සන් කියන ඒ දෙන්නට හැත්තැ ගනං වල නොබෙල් තෑග්ග හම්බුණාලු.
පිසික්ස් දන්න බුවාල දන්නවනෙ හොට් බොඩි රේඩියේෂන් වල තරංග ආයාමෙ ටෙම්පරේචර් එකට අනුලෝමව සමානනුපාතිකයි කියලා. ඕකට අනුව රිවර්ස් කැල්කියුලේෂන් කරාම ඔය බැක්ග්රවුන්ඩ් රේඩියේෂන් එකේ උෂ්ණත්වෙ කෙල්වින් තුනකට ආසන්න ගානක් හරියටම කිව්වොත් කෙල්වින් 2.73 ගානක් එනවා. මේක අවුරුදු බිලියන් ගානක් රෙඩිෂිෆ්ට් එකට රිවස් කැල්කියුලේෂන් කරාම අර කලින් කිව්ව පදාර්ථ ෆෝම් වුණ කෙල්වින් 3000 වැලියු එක ගාණට එනවා. ඒක ආතල්.
ඊට පස්සෙ තව ගොඩක් අය සෙන්ටිමීටර් 7.35ට අමතර වෙනත් මයික්රොවේව් ෆ්රීකුවෙන්සි වලටත් ඔය විදිහෙ කැල්කියුලේෂන් ගොඩක් කරල ඕක තහවුරු කලා. ඕකෙ ආතල් එක ඒක නෙවෙයි. එහෙම කරපු රිසල්ට් ඔක්කොම අපිත් අර උසස්පෙළට කරපු ප්ලාන්ක්ගෙ බ්ලැක් බොඩි රේඩ්යේෂන් කර්ව් එකේ කෙල්වින් 3000කියන වැලියු එකේදි කර්ව් එකට ගානට මැප් වෙනවා.
ඕකෙ ඊගාව සීන් එක අඩු තරංග ආයාම වලදි එන මයික්රොවේව් වලට වායුගෝලයෙන් සෑහෙන ඩිස්ටර්බන්ස් එකක් එනවා. ඒක නිසා අඩු වේව් ලෙන්ත් වල මයික්රොවේව් සිග්නල් ඔබ්සර්ව් කරන්ඩ අභ්යවකාශෙට යන්ඩ ඕනෙ. ඒ හින්ද 1989දි නාසා පොරවල් කෝබෙ මයික්රෙවේව් ටෙලස්කෝප් එක යැව්වෙ.ඒකෙන් මාර ක්ලියර් පික්චර් එකක් ඕක ගැන ගත්තෙ. දෙදාස් ගනන් වල ඊටවඩා ඇඩ්වාන්ස්ඩ් WMAP ටෙලස්කෝප් එක යැව්වා. අන්තිමේට 2009 දි යැව්ව වඩාත් බලවත් ප්ලාන්ක් ටෙලස්කෝප් එක ඔය ෆුල් මයික්රොවේව් ස්පෙක්ට්රම් එකේ මුළුමහත් විශ්වයේම වටේ අංශක 360ක් කැරකිලා ගත්ත කොස්මික් මයික්රොවේව් බැක්ග්රවුන්ඩ් එක තමා මේ පින්තූරෙ.
මේක රීඩ් කරන්නෙ කොහොමද කියල බලමු. මේ පින්තූරෙ ලානිල් පාටින් තියෙන්නෙ විශ්වය පුරාම ඇවරේජ් ටෙම්පරේචර් එක වෙන කෙල්වින් 2.725. රතුපාට වෙන්නෙ ඊට වඩා වැඩි උෂ්ණත්ව. තද නිල්පාට වෙන්නෙ අඩු උෂ්ණත්ව. මේ ඩීවියේෂන් මයික්රො කෙල්වින් ගානක් තරම් අඩු ගාණක්. ඊගාව කාරණේ තමයි ඔය විශ්වය කියන කැන්වස් එකේ ඈතම ඒ කියන්නෙ බැක්ග්රවුන්ඩ් එකේම රූපෙ. ඕක විශ්වයෙන් ග්රහලෝක, ඉරවල්, මන්දාකිණි, ගෑස් ඩස්ට් ක්ලවුඩ්, ඇතුලු මෙකී නොකී සියළු තාපය නිකුත් කරන පදාර්ථ අයින් කරාම ඉතුරු වෙන දේ. තව විදියකට කිව්වොත් බිග්බෑන්ග් එකෙන් අවුරුදු 380,000 කට පස්සෙ ඉස්සෙල්ලම පදාර්ථය නිපදවෙද්දි නිකුත් වෙලා විශ්වය පුරා විගිදී ගිය ආලෝකය.
කොටින්ම කිව්වොත් මේ විශ්වයේ පළවෙනි වගේම පැරණිම ආලෝකය. මිනිස් ඇහැට දැකිය හැකි උපරිම සීමාව.

Comments

Popular posts from this blog

සෞරග්‍රහ මණ්ඩලයේ පරිමාණය