Posts

Image
  සෝෂල් මීඩියා ගැන ගොඩක් අපවාද කිව්වට ඒකෙන් ගන්ඩ පුළුවන් ප් ‍ රයෝජන අසීමිතයි. සාමාන් ‍ යයෙන් වැඩිය නොකියවෙන කාරණා ගැන අපේ මව් භාෂාවෙන් සාකච්ඡා කිරීම ඒ අතරින් විශේෂයි. ඒ වගේ දෙයක් දැක්කොත් මමත් අනිවා කියවනවා. එහෙම පේජ් එක්ක මේ පින්තූරෙ දැකපු මිත් ‍ රයෙක් මේක මට මේක එවලා මේ මොකක්ද කියල අහල තිබ්බා. මම මේ ගැන තරමක් දන්නවා. මම දන්න විස්තරේ මගේ මිත් ‍ රයාට පැහැදිලි කළාට ඌට ඒ මෙලෝ මගුලක් නොතේරුණ බව ඌ කිව්වා. සරළ සිංහලෙන් විස්තරයක් ලියපන් කියලත් ඉල්ලුවා. ඉතින් අද පෝය නිසා සිල් අරන් ඉන්න මං කම්මැලි කමට මේ පින්තූරය ගැන මගේ සත දෙක ඉදිරිපත් කරන්ඩ හිතුවා. මේ පින්තූරෙ නම තමා Planck Cosmic Microwave Background Radiation. මේක ගත්තෙ 2013දි ප්ලාන්ක් කියන අභ් ‍ යවකාශ දුරේක්ෂෙන්. යුරෝපීය අභ් ‍ යවකාශ ඒජන්සිය එහෙම නැත්නම් ඊසා 2009දි යවපු ප්ලාන්ක් ටෙලස්කෝප් එක කාලයක් තිස්සෙ අහසෙ අස්සක් මුල්ලක් නෑර ගත්ත මයික් ‍ රොවේව් රේඩියේෂන් මොසැයික් එකක් තමයි මේ. මේ පින්තූරෙ ඉතාම විශේෂ එකක්. හේතුව මේක තමා ආලෝකයේ අපට යාහැකි සීමාව කියන්නෙ. බොහෝ දෙනා කියන විදියට මේ විශ්වයේ මුල් ආලෝක කිරණ. එහෙම නැත්නම් ෆස්ට් ලයිට්ලු. තව ...
Image
  ගේ ඉස්සරහ පාරෙ ලයිට් කණුවෙ ලොකු සෝඩියම් ලයිට් එකක් පත්තු වෙනවා. කරුවලේ ආපු කණාමැදිරියෙක් එලියත් පත්තු කරන් ටික ටික ලයිට් එකට ළං වෙනවා. සෝඩියම් ලයිට් එකේ එළියට කණාමැදිරියාගෙ එළිය යටපත් වෙලා ගියා. ලඟටම ගිහිල්ල බැලුවෙ නැත්නම් කණාමැදිරියා පේන්නෙ නෑ. ටික ටික එතනින් ඈතට යනකොට පේන්නෙ ලයිට් එක විතරයි. ඈතට ඈතට යන්ඩ ඒකත් තිතක් වගේ පේන්ඩ ගන්නවා. පොළවෙ ඉඳන් අපි ඈත තියෙන තාරකා දිහා බැලුවත් ඕක ඔහොමමයි. පොළවට ලඟම තාරකාව ප් ‍ රොක්සිමා සෙන්චූරි තියෙන්නෙ ආලෝක වර්ෂ 4.25ක් විතර දුරින්. ඊගාවට ලඟම තරු දෙක්ක බයිනරි සිස්ටම් එකක්. ඒ අපි කවුරුත් දන්න ඇල්පා සෙන්චුරි A සහ B. ඒවා තියෙන්නෙ ආලෝක වර්ෂ 4.35ක් වගේ ඈතින්. අහසෙ පේන දීප්තිමත්ම තරුව සිරියස් තියෙන්නෙ ආලෝක වර්ෂ 8.6ක් ඈතින්. අපේ ඉර වටේ තියෙන ග් ‍ රහලෝක වගේම අනිත් තාරකා වටේටත් ග් ‍ රහලෝක ඇති කියල කට්ටිය කිව්වෙ එක්දාස් හයසිය ගනං වල ඉඳන්ම වගේ. ටික ටික විද් ‍ යාව දියුණු වෙලා ඔබ්සර්වින් මෙතඩ් ඉම්පෘව් වෙලා ඇඩ්වාන්ස්ඩ් ඔප්ටික්ස් පාවිච්චි වුණාට අර කලින් කියපු හේතුව නිසා ඔය කියන ඈත තරු වටේ යන ග් ‍ රහලෝක අපිට කෙලින්ම ඩිරෙක්ට්ලි ඔබ්සර්ව් කරන්ඩ බෑ. ඒක නිසා ඔය කිය...

සෞරග්‍රහ මණ්ඩලයේ පරිමාණය

Image
සෞරග් ‍ රහ මණ්ඩලයේ මෙවන් පින්තූර ඔබ කොතෙකුත් දැක ඇතුවාට සැක නැත. නමුත් සැබැවින්ම මෙවන් පින්තූර තරමක් නොමග යවන සුළුයි. මන්ද යත් ග් ‍ රහලෝක වල ප් ‍ රමාණය විනා ඒවායේ අතර පරතරයන් පිලිබඳ දල අදහසක්වත් මෙවන් පින්තූරයකින් ගත නොහැකි නිසාය. පෘථිවියේ විශ්කම්භය දල වශයෙන් කිලෝමීටර් 12742 ක් වේ. හිරුගේ විෂ්කම්භය ආසන්නව මිලියන් 1.39ක් හෙවත් ලක්ෂ 14ක් පමණ වේ. ඒ අනුව අපගේ සූර් ‍ යයා පෘථිවිය මෙන් සිය ගුණයකටත් වඩා විශාලය. සෞරග් ‍ රහ මණ්ඩලයේ විශාලතම ග් ‍ රහලෝකය වන බ් ‍ රහස්පතිගේ විශ්කම්භය කිලෝමීටර් 139820 කි. එය අපේ පෘථිවිය මෙන් දහ ගුණයකටත් වඩා විශාලය. ග් ‍ රහලෝක අතර දුරෙහි වෙනස මෙයටත් වඩා වැඩිය. සූර් ‍ යයාගේ සිට පෘථිවියට ඇතිදුර කිලෝමීටර් මිලියන 150ක් (කෝටි 15ක්) පමණ වේ. අපට ආසන්නම ග් ‍ රහලොව සිකුරුය. එය කිලෝමීටර් මිලියන 40ක් පමණ දුරකින්ද අඟහරු මිලියන 96ක් පමණ දුරකින්ද පිහිටා ඇත. බ් ‍ රහස්පති පිහිටා ඇත්තේ කිලෝමීටර් මිලියන 600 (කෝටි 60) කිනි. සෞරග් ‍ රහ මණඩලයේ ඉතා දුරින් ඇති නෙප්චුන් අපට කිලෝමීටර මිලියන 4325 (කෝටි 432) ක් දුරින් ඇත. සැබැවින්ම ග් ‍ රහලෝක හිරුවටා වලයාකාර පථවල ගමන්ගන්නා බැවින් මේ අගයන් සාමාන්...

අවුරෝරා සහ ජීවයේ පැවැත්ම

Image
අවුරෝරා නොහොත් උෂාලෝකය ඔබ පින්තූරයකින් හෝ දැක ඇතුවාට සැක නැත. රාත් ‍ රී අහසේ මැවෙන ඉතාම අලංකාර ආලෝක රටා සමකාසන්න අප රටට නොපෙනෙන නමුත් ධ් ‍ රැවාසන්න සමහර රටවලට අගෝස්තු අග පමණ සිට මාර්තු මුල දක්වා කාලයේ ඉතා අලංකාරව දර්ශනය වේ. පුරාණ ග් ‍ රීක ජනකථා වලට අනුව අවුරෝරා යනු උදෑසනට අදිපතිවූ දෙවඟනයි. අවුරෝරා බොරියාලිස් නමින් උත්තර අර්ධගෝලයේ චුම්භක ධ් ‍ රැවය ආසන්නව පිහිටා ඇති රටවල් වන ඇලස්කාව, කැනඩාව, ෆින්ලන්තය, ස්වීඩනය, නෝර්වේ, අයිස්ලන්තය, රුසියාව වැනි රටවලටත්, අවුරෝරා ඔස්ට් ‍ රාලිස් නමින් දක්ෂිණ චුම්භක ධ් ‍ රැවය ආසන්න රටවල් වන තස්මේනියාව, නවසීලන්තය හා ඇන්ටාක්ටිකාව වැනි රටවලටත් උෂාලෝකය දර්ශනය වේ. අවුරෝරා හටගන්නේ සූර් ‍ යයාගේ සිට පැමිණෙන සූර් ‍ යසුළං වල ඇති අයන (ප්ලාස්මා) පෘථිවියේ ඉහළ වායුගෝලයේ ඇති පරමාණු හා ගැටීමෙනි. සූර් ‍ යයාගේ ඉන්ධනය හයිඩ් ‍ රජන්ය. මෙම හයිඩ් ‍ රජන් දහනය වී හීලියම් නිෂ්පාදනය වන අතර මෙම ප් ‍ රතික් ‍ රියාවේදී ඉතා විශාල තාප ප් ‍ රමාණයක් හා ගැමා කිරණ වැනි විකිරණ ද නිකුත් වෙයි. සූර්යයාගේ අභ් ‍ යන්තර උෂ්ණත්වය සෙල්සියස් අංශක මිලියන පහළොවක් පමණද පිටත පෘෂ්ඨය සෙල්සියස් අංශක හය දහසක් පමණද...