ඔරායන්
ඔරායන් හෙවත් දඩයක්කාරයා තරු රටාව, ගොඩක් වෙලාවට රෑ අහසෙ ලේසියෙන්ම හොයාගන්ඩ පුලුවන් තරු රටාව වෙන්ඩ ඕනෙ. දඩයක්කාරයගෙ පටියෙ තරු තුන දල වශයෙන් නැගෙනහිර ඉඳන් බටහිරට පැත්තට වෙන්ඩ තියෙන නිසා ආදි කාලයේ දිශාව හොයාගන්ඩත් යොදාගත්තලු.
ඔරායන්ගෙ උඩම රතුපාටින් තියෙන තරුව බීට්ල්ජුස්. දලවශයෙන් පොළවෙ ඉඳන් ආලෝක වර්ෂ 650ක් වගේ දුරකින් තියෙන්නෙ. රතුපාටට පෙන්නෙ පුපුරල යන්ඩ ළඟ සුපර්නෝවාවක් හින්ද. මේ දැන් පේන්නෙ අවුරුදු 650කට කලින් තරුවක් හින්ද මේ වෙද්දි පුපුරලද දන්නෙත් නෑ.
ඔරායන්ගෙ පටියට පල්ලෙන් නිල්පාටට යන්තම් බොඳවෙලා වගේ තියෙන්නෙ තරුවක් කිව්වට තරුවක්ම නෙවේ. නෙබියුලාවක්. ඔරායන් නෙබියුලාව. ආලෝක වර්ෂ 1350ක් වගේ ඈතින් තියෙන්නෙ. දූවිලි ගෑස් වලින් හැදුන වලාවක්. තරුවල උපතක්. මේ වෙද්දි තරු පොකුරක් වෙලා තියෙන්ඩත් පුලුවන්.
රෑට වාඩිවෙලා අහස දිහා බලන් ඉන්න එක නිකං අතීතෙ බලන් ඉන්නව වගේ. ඔක්කොම පේන්නෙ අවුරුදු දාස් ගානක් කලින් තිබ්බ දේවල් වෙන්ඩ පුලුවන්. ඒ අතරෙ උපත් මරණ එහෙමත් තිබුණ වෙන්ඩ පුලුවන්. කලාතුරකින් උල්කාපාතයක් එහෙම කැරකිලා ඇවිත් වර්තමානෙ ගැන මතක් කරල යනවා.
2021 - Sep-14

Comments
Post a Comment